Nazca සානුවෙන් නව Geoglyps 168ක් සොයගැනේ


Nazca සානුව ආශ්‍රිතව නව Geoglyphs 168 ක් සොයාගෙන ඇති බව Yamagata විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ඊයේ(08) නිවේදනය කළේය. 

.

ලෝක උරුම "Nazca Geoglyphs" සඳහා ප්‍රසිද්ධ දකුණු ඇමරිකාවේ පේරු හි Nazca සානුව ආශ්‍රිතව නව Geoglyphs 168 ක් සොයාගෙන ඇති බව Yamagata විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ඊයේ(08) නිවේදනය කළේය.  

පර්යේෂක කණ්ඩායම විසින් මෙවර ඉදිරිපත් කරන ලද ඒවා ඇතුළුව ඔවුන් මුළු Geoglyphs 358 ක් සොයාගෙන ඇත.

2019 සහ 2020 දී විශ්වවිද්‍යාලයේ Nazca ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය Masato Sakai විසින් මෙහෙයවන ලද පර්යේෂණ කණ්ඩායමක් ඩ්‍රෝන යානා භාවිතයෙන් ක්ෂේත්‍ර සමීක්ෂණ සිදු කර Geoglyphs 168 ක් තහවුරු කරන ලදී.  2016 සහ 2018 අතර සිදු කරන ලද සමීක්ෂණයකින් Geoglyphs 142 ක් ද සොයාගෙන තිබෙනවා.

මෙවර සොයා ගන්නා ලද Geoglyps වල මිනිසුන්, කුරුල්ලන් සහ සර්පයන් වැනි සතුන් නිරූපණය කෙරේ.  විශාලතම එක මීටර් 50 කට වඩා දිග අතර ඒවායින් බොහොමයක් මීටර් 10 ට වඩා කුඩා ය.

පර්යේෂක කණ්ඩායම විසින් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරමින් මේ පිළිබඳ එක්සත් ජනපදයේ IBM සමඟ ඒකාබද්ධ පර්යේෂණ පවත්වයි.

108 Views

Comments