රැඳෙවියන්ට පහරදුන් නිලධාරීන්ට වැඩ වරදී


රැඳවියන් තිදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නගෝයා හි බන්ධනාගාර නිලධාරීන් 22 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අධිකරණ අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

.

රැඳවියන් තිදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නගෝයා හි බන්ධනාගාර නිලධාරීන් 22 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අධිකරණ අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මෙම අගෝස්තු මාසය දක්වා නගෝයා බන්ධනාගාරයේ රැඳෙවියන්ට පීඩා කළ බවට චෝදනා ලැබූවන්ට එරෙහිව අපරාධ නඩු ගොඩ නැගීම සඳහා පැමිණිලිකරුවන් සමඟ කටයුතු කිරීමට අමාත්‍යාංශය සලකා බලමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වනවා.

වෙනත් බන්ධනාගාරවලද මෙවැනි සිදුවීම් සිදුවේද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවත්, තුන්වන පාර්ශ්ව විද්වත් මණ්ඩලයක් පිහිටුවීමට නියෝග කර ඇති බවත් අධිකරණය අමාත්‍ය සයිටෝ පැවසීය.

 

106 Views

Comments