වෙළඳසැලකට ගිනි තැබූ අයෙක් අත්අඩංගුවට


ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.

.

චිබා නගරයේ වෙළඳසැලකට ගිනි තැබූ බවට සැකපිට 42 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට අනුව සිකුරාදා(09) රාත්‍රී 9 ට පමණ ගින්න හටගෙන ඇත.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 12ක් පැමිණි නමුත් ගොඩනැගිල්ලේ පිටත බිත්තියට සහ දෙවන මහලේ යාබද පඩිපෙළකට හානි විය.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් පැය තුනකට පමණ පසු Hidekazu Tomioka නම් අදාල සැකකරු Chiba ස්ටේෂන් ඉදිරිපිට  koban වෙත පැමිණ වෙළඳසැලට ගිනි තැබුවේ තමා බව නිලධාරීන්ට පවසා තිබෙන බවයි වාර්තා වන්නේ.

 

120 Views

Comments