Kadena ධීවර තොටුපොළෙන් බෝම්බ තොගයක් හමුවේ


අද(13) පෙරවරු 9.30 ට පමණ ඔකිනාවා ප්‍රාන්තයේ කඩේනා ධීවර තොටුපළ අසල දුමාරයක් හටගෙන තිබෙනවා.

.

අද(13) පෙරවරු 9.30 ට පමණ ඔකිනාවා ප්‍රාන්තයේ කඩේනා ධීවර තොටුපළ අසල දුමාරයක් හටගෙන තිබෙනවා.

කඩේනා ප්‍රාන්ත පොලිස් ස්ථානයට සහ නිරායි ගිනි නිවන දෙපාර්තමේන්තුවට අනුව වාර්තා වුණේ භූගත ජල නළයක් පුපුරා නොගිය බෝම්බයක් සමඟ සම්බන්ධ වී ඇති බවයි.  

එම ස්ථානයේ සිටි 30 හැවිරිදි සේවිකාවක් අසාධ්‍ය වී රෝහලටද ගෙන ගොස් ඇත.

පස්වරු 1.00 පමණ වන විට ගොඩබිම් ආත්මාරක්ෂක බළකායේ 101 වැනි නොපිපිරුණු බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් විසින් පුපුරා නොගිය බෝම්බ තොගය සොයා ගන්නා ලදී.  

GSDF පවසන පරිදි පුපුරා නොගිය බෝම්බය එක්සත් ජනපදයේ නිෂ්පාදිත මිලිමීටර් 81 මෝටාර් එකක් වන අතර එය ඔකිනාවා සටනේදී භාවිතා කළ බවට විශ්වාස කෙරේ.

පුපුරා නොගිය බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම සිය කාර්යය නිම කරන තුරු පැය තුනහමාරක පමණ කාලයක් ප්‍රදේශයේ මාර්ග වසා දැමූ පොලිසිය, නිවැසියන්ගෙන් පිටතට නොයන ලෙස ඉල්ලා සිටියේය.

 

95 Views

Comments