මෝටර් රථයක් තුළ තිබී මළ සිරුරු 3ක් හමුවේ


සමූහ සියදිවි නසා ගැනීමක් බව සැක කරයි

.

චිබා ප්‍රාන්තයේ ඔන්ජුකු හි පොලිසිය විසින් කැලෑ පාරක නවතා තිබූ මෝටර් රථයක් තුළ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇත.

පොලිසිය සැක කරන්නේ මෙය සමූහ සියදිවි නසා ගැනීමක් බවයි.

වනජීවී පාලන සේවා මෙහෙයවන සේවකයෙකු පෙරවරු 9:25 ට පමණ අදාල වාහනය දුටු බවත් මෝටර් රථයේ තිබුණේ ප්‍රාන්තයෙන් පිටත බලපත්‍ර තහඩුවක් බවද වාර්තා වනවා.

එහිදී එක් පිරිමියෙකුගේ සහ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර මෝටර් රථයේ තිබී අතේ ගෙන යා හැකි අඟුරු ග්‍රිල් එකක් ද සොයාගෙන ඇත.  මියගිය පුද්ගලයින් වයස අවුරුදු 20 සිට 30 දක්වා වයස්වල පසුවන අතර සඳුදා දිනට පෙර මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

104 Views

Comments