අධ්‍යාපන චාරිකාවක් අතරතුර සිසුවෙක් මහමග දමා යයි


එක් පිරිමි ළමයෙක් ආපසු නොපැමිණි බව නොදැන බසය පිටත් වී තිබෙනවා.

.

ඔක්තෝබර් 27 වනදා ෆුකුයි නාගරික පාසලේ සිසුන් අධ්‍යාපන චාරිකාවක් ගොස් තිබෙනවා.

බස් රථය චාරිකාව අතරතුරදී සිසුන්ට විවේක ගැනීම සඳහා මීෂින් අධිවේගී මාර්ගයේ කුරෝමාරු වාහන නැවැත්වීමේ ප්‍රදේශයේදී නවත්වා ඇති අතර විනාඩි කිහිපයකට පසුව එක් පිරිමි ළමයෙකු බසයේ නොමැති බව නොදැන බස් රථය පිටත්වී ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථය පිටත් වී ටික වේලාවකට පසු අසල සිටි ට්‍රක් රථ රියදුරෙකු සිසුවා දැක ඔහුව ට්‍රක් රථයේ දමා ගෙන පාසල් බස් රථය ලුහුබැඳ ඇති අතර මයිබාරා අන්තර් හුවමාරුව අසලදී බස් රථය නවත්වාගෙන සිසුවාව ගුරුවරුන්ට භාරදී තිබෙනවා.

 

 

111 Views

Comments