ජපානය උතුරු පැසිෆික් වෙරළට ඔබ්බෙන් ඇතිවන භූමිකම්පා පිළිබඳ අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපනය කරයි


මෙමගින් තීව්‍රතාව 7.0 හෝ ඊට වඩා විශාල භූමිකම්පා පිලිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ.

.

ජපාන රජය විසින් චිබා සිට හොකයිඩෝ දක්වා වෙරළබඩ ප්‍රාන්ත හතක නව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපනය කර තිබෙනවා.

මෙමගින් පැසිෆික් සාගරයේ ගැඹුරු මුහුදේ ඇතිවන තීව්‍රතාව 7.0 හෝ ඊට වඩා විශාල භූමිකම්පා පිලිබඳ අනතුරු ඇඟවීමක් සිදුකෙරේ.

මෙම ක්‍රමය රටේ උතුරු කෙළවරේ සිට ටෝකියෝ දේශ සීමාව දක්වා විහිදෙන Hokkaido, Aomori, Iwate, Miyagi, Fukushima, Ibaraki සහ Chiba ප්‍රාන්තවල මහ නගර සභා 182ක ක්‍රියාත්මක වේ.

 

177 Views

Comments