හරිත දඬු යට හිරු මුදුන් වන ජපාන වනාන්තරය


Sagano bamboo forest බොහෝ දෙනා ගේ ආකර්ෂණය දිනා ගනියි

.

Sagano Bamboo Forest යනු ජපානයේ Kyoto ප්‍රාන්තයේ Arashiyama හි පිහිටි Moso Bamboo වලින් සමන්විත ස්වභාවික උණ වනාන්තරයක් වන අතර Bamboo Forest සහ Arashiyama Bamboo Grove ලෙසද එය හැඳින්වේ. 

 

සිත් වසඟවන සුන්දරත්වයට සහ උණ බම්බු දඬු සුළඟට සැලෙන විට ඇති වන ලාක්ෂණික ශබ්දය සදහා ප්‍රසිද්ධ වී ඇති මෙම වනාන්තරය පරිසර අමාත්‍යාංශය මගින් ජපානයේ ශබ්ද දර්ශනයේ කොටසක් ලෙස නම් කොට තිබේ. 

 

හරිත දඬු යට හිරු මුදුන් වන විටදී ඇතිවන චමත්කාරජනක දර්ශනය නරඹමින් උස් උණ ගස් හරහා ගමන් කරන සංචාරකයින් සහ අමුත්තන් සඳහා වනාන්තරය තුළ ගමන් කිරීමට මාර්ග කිහිපයක් පවතී .

155 Views

Comments