උතුරු කොරියාව ජපාන මුහුද දෙසට බැලස්ටික් මිසයිලයක් දියත් කළ බව දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්රධානීන් අද(18) පෙරවරුවේ නිවේදනය කළේය.
ඒ අනුව එම බැලස්ටික් මිසයිලය ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් (EEZ) පිටතට කඩාවැටුණ බවත් එමගින් ජපාන නැව්වලට කිසිදු හානියක් සිදුවී නොමැති බවත් ජපාන වෙරළාරක්ෂක බලකාය තහවුරු කර ඇත.