වෙළඳසැලකින් ජෙලි පැකට්ටුවක් සොරකම් කල පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට


ඔහු සෝකා පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකි.

.

වෙළඳසැලකින් ජෙලි පැකට්ටුවක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සෝකා පොලිස් ස්ථානයේ සේවය කරන 40 හැවිරිදි සහකාර පොලිස් පරීක්ෂකවරයකු  අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පසුගිය ඔක්තෝබර් 19 වන දින සයිටමා නගරයේ සුපිරි වෙළඳසැලක ස්වයං පිරික්සුම් කවුන්ටරයකදී ජෙලි පැකට්ටුවකට මුදල් නොගෙවා රැගෙන ගොස් ඇති බවට සැක කෙරේ.  

ඔහු අනෙක් භාණ්ඩ සඳහා මුදල් ගෙවා ඇති අතර මුලින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ ජෙලි පැකට්ටුවට මුදල් ගෙවීමට අමතක වුණු බවයි.

කෙසේනමුත් පසුව ඔහු එය හිතාමතාම සිදුකල බව පිළිගෙන ඇත.

 

148 Views

Comments