ජපානයේ වියට්නාම තානාපති අත්අඩංගුවට


ඒ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිටයි.

.

ජපානයේ හිටපු තානාපති වූ Boo Hong Nam අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව වියට්නාමයේ විමර්ශන බලධාරීන් පෙරේදා(22) නිවේදනය කළේය. 

කොරෝනා ව්‍යසනය හේතුවෙන් ජපානයේ වෙසෙන වියට්නාම ජාතිකයින්ට ආපසු පැමිණීමට විශේෂයෙන් ක්‍රියාත්මක වූ ගුවන් යානයක් සංවිධානය කිරීමේදී ඔහු අල්ලස් ලබා ගත් බවට සැක කෙරේ.

එමෙන්ම ඔහුට මේ සඳහා උපකාර කල බවට සැකපිට වියට්නාමයේ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙකුද අත්අඩංගුවට ගනු ලැබීය. 

145 Views

Comments