ලෙගෝ කුට්ටි 50,000 කට වඩා වැඩි ප්‍රමාණයකින් සාදන ලද Mosaic නිර්මාණය


මෙම නිර්මාණය දිගින් මීටර් 2.8 ක් සහ පළලින් මීටර් 6.5 ක් වේ.

.

Nagoya නගරයේ Minato Ward හි "Legoland Japan" තේමා උද්‍යානය Lego කුට්ටි භාවිතා කරමින් නිපදවන ලද හාවෙකු සහිත මොසෙයික් චිත්‍රයක් නිර්මාණය කර ඇත. එය ජනවාරි 30 දක්වා ප්‍රදර්ශනය කෙරේ.

මෙම චිත්‍රය දිග මීටර් 2.8 ක් සහ පළල මීටර් 6.5 ක් වන අතර එය නිර්මාණය කිරීමට සේවකයින් හතර දෙනෙකුට පැය 160 ක් පමණ ගත විය.  

මෙම නිර්මාණයට වර්ණ 20 ක පමණ කුට්ටි 50,000 කට වඩා යොදාගෙන ඇති අතර හාවුන්ට අමතරව ෆුජි කන්ද, උකුස්සන්, වම්බටු වැනි අලුත් අවුරුද්ද හා බැඳුනු වාසනාවන්ත සලකුණුද ඇඳ ඇත.

 

105 Views

Comments