අලුත උපන් බිළිඳා ඝාතනය කළ මව අත්අඩංගුවට


බිළිඳා ගෙල සිරකර මරා දමන්නට ඇතැයි සැක කෙරේ. 

.

යමනාෂි ප්‍රාන්ත පොලිසිය විසින් අලුත උපන් බිළිඳෙකු ඝාතනය කළ බවට එම ප්‍රාන්තයේම ෆුජියෝෂිඩා හි අර්ධකාලීනව සේවය කරන 19 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

මාර්තු 22 වැනිදා සවස 4.00 ට පමණ එම කාන්තාව නගරයේ පිහිටි තම නිවසේ නානකාමරයේදී පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇති අතර කිසියම් ආකාරයකින් පිරිමි ළමයා ගෙල සිරකර මරා දමන්නට ඇතැයි සැක කෙරේ.  

කාමරයේ කුණු බෑගයක දමා තිබූ පිරිමි ළමයාගේ සිරුර කාන්තාවගේ මව දැකීමෙන් සිද්ධිය අනාවරණය වී ඇත.  

 

159 Views

Comments