අධික හිම පතනයෙන් 17ක් මරුට


90 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

.

ජපානයේ විශාල ප්‍රදේශයක පවතින අධික හිම හේතුවෙන් 17 දෙනෙකු මිය ගොස් 90 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර නිවාස සිය ගණනකට විදුලිය විසන්ධි වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළහ.

නත්තල් සති අන්තයේ වැඩි හිම පතනය හේතුවෙන් ඊයේ(26) උදෑසන වන විට මියගිය සංඛ්‍යාව ඉහළ ගිය අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වහලෙන් හිම ඉවත් කිරීමේදී වැටී හෝ වහල මත ලිස්සා යාමෙන් මරණයට පත්වී ඇත.

ඒ අනුව හිම වැටෙන ප්‍රදේශවල හිම ඉවත් කිරීමේ ක්‍රියාකාරකම්වලදී ප්‍රවේශම් වන ලෙසත් තනිවම වැඩ නොකරන ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

147 Views

Comments