හිම පතනයේ උච්චතම අවස්ථාව අවසන්


කෙසේනමුත් තවමත් ප්‍රවේශම් විය යුතු බව ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

.

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අධික හිම පතනයේ උච්චතම අවස්ථාව පසු වී ඇතත් තවමත් ප්‍රවේශම් විය යුතුය.

ගෙවුණු පැය 24 තුළ උපරිම හිම පතනය ඔකායාමා ප්‍රාන්තයේ මනිවා නගරයෙන් වාර්තා වූ අතර එය සෙන්ටිමීටර 93 ක් ලෙස සටහන් විය.

මීට අමතරව ටොටෝරි ප්‍රාන්තයේ ඩේසන් නගරයේ සෙන්ටිමීටර 92 ක් සහ නාගානෝ ප්‍රාන්තයේ ඔටාරි ගම්මානයේ සෙන්ටිමීටර 66 ක් ලෙස හිම පතනය වාර්තා විය.

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද(26) ප්‍රධාන වශයෙන් නැගෙනහිර ජපානයේ සහ උතුරු ජපානයේ අධික හිම පතනයක් ඇතිවීමේ අවදානමක් පවතී.

128 Views

Comments