වහලයේ හිම ඉවත් කරමින් සිටි දෙදෙනෙක් ලිස්සා වැටී මරුට


මියගිය දෙදෙනාගෙන් එක් අයෙක් 64 හැවිරිදි සමාගම් සේවකයෙකි.

.

ඊයේ(27) පෙරවරු 10 ට පමණ Hokkaido OtoineppuOtoineppu ප්‍රදේශයේ කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මධ්‍යස්ථානයක වහලයේ හිම ඉවත් කරමින් සිටි මිනිසුන් දෙදෙනෙක් හිම පතනයට හසු වී මීටර් 5ක් පමණ උසකින් වැටී ඇත.  

ඔවුන් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර පසුව මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය දෙදෙනාගෙන් එක් අයෙක් එම ප්‍රදේශයේ සමාගම් සේවකයෙකු වන 64 හැවිරිදි යොෂිනොබු කිමුරා නම් පුද්ගලයෙකි. Hokkaido පොලිසියේ Nayose පොලිස් ස්ථානයට අනුව මිනිසුන් හත් දෙනෙකු උදේ 9:30 සිට වහලය මත වැඩ කරමින් සිටි අතර වැටුණු දෙදෙනා වහලයේ අද්දර වැඩ කරමින් සිට ඇති බව වාර්තා වේ.

113 Views

Comments