පිලිපීනයේ රිසාල් දිනය අදයි


තෝකියෝ හි හිබියා උද්‍යානයේ ලෝකඩවලින් නිමවූ ඔහුගේ පිලිමයක් ඇත.

.

අද(30)  දිනය පිලිපීනයේ රිසාල් දිනය නම් වේ.

රිසාල් යනු ස්පාඤ්ඤයේ යටත් විජිත පාලනයෙන් පිලිපීනයට නිදහස ලබාගැනීමට නායකත්වය දුන් වෛද්‍යවරයෙකු සහ ලේඛකයෙකු වන අතර අග්නිදිග ආසියාවේ ජාතික වීරයෙකි.

රිසාල්ගේ ජීවිතය සහ ඔහුගේ ක්‍රියාවන් පිලිබඳ මෙදිනට සිහිපත් කරන අතර අද පිලිපීනයට ජාතික නිවාඩු දිනයකි.  

සෑම වසරකම මෙදිනට ජනාධිපතිවරයා පිලිපීනයේ මැනිලා අගනුවර ඔහුගේ නමින් ඇති උද්‍යානයක මල් වඩමක් තබයි.

තෝකියෝ හි හිබියා උද්‍යානයේ ලෝකඩවලින් නිමවූ ඔහුගේ පිලිමයක් ඇත.

හිබියා උද්‍යානයේ ඔහුගේ පිළිමයක් ඉදිකර ඇත්තේ මරණයට වසර අටකට පෙර ඔහු ජපානයට ගිය අවස්ථාවේ නැවතී සිටි හෝටලයක් උද්‍යානය ආසන්නයේ තිබූ බැවිනි.

105 Views

Comments