යට ඇඳුම් සොරෙකු කොටුවේ


ඔහු 28 හැවිරිදි ෂොහෙයි නකජිමා නම් රැකියා විරහිත පුද්ගලයෙකි.

.

ඕසකා ප්‍රාන්තයේ ජෝටෝ වෝඩ් හි පදිංචි 28 හැවිරිදි ෂොහෙයි නකජිමා නම් රැකියා විරහිත පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කාන්තාවකගේ නිවසට කඩා වැදී යට ඇඳුම් සොරකම් කර පසුව එම නිවස ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙනුයි.

ඔහු දෙසැම්බර් 25 වැනිදා අලුයම නානකාමරයේ ජනේලයෙන් කාන්තාවගේ නිවසට ඇතුළු වී යට ඇඳුම් 14ක් සොරකම් කර දෙසැම්බර් 27 වැනිදා අලුයම එම නිවසට ගිනි තබා නිවැසියන් ඝාතනය කිරීමට උත්සාහ කර තිබේ.

පසුව අසල්වැසියන් විසින් නිවස ගින්නෙන් දැවී යනු දැක කෙසේ හෝ ඔවුන්ව බේරාගෙන තිබේ.

 

141 Views

Comments