විදුලි විසන්ධි වීමක් හේතුවෙන් පිලිපීනයේ ගුවන් ගමන් අත්හිටුවයි


මේ හේතුවෙන් මගීන් 50,000 කට වැඩි පිරිසක් පීඩාවට පත් විය.

.

ඊයේ(01) පිලිපීනයේ ගුවන් ගමනාගමන පාලන මධ්‍යස්ථානයේ ඇති වූ විදුලිය විසන්ධි වීමක් හේතුවෙන් මැනිලා වෙත සහ ඉන් පිටතට යන බොහෝ ගුවන් ගමන් අත්හිටුවන ලදී.  

මේ හේතුවෙන් මැනිලා අසල Ninoy Aquino ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගීන් 50,000 කට වැඩි පිරිසක් පීඩාවට පත් විය.

එමෙන්ම ජපන් එයාර්ලයින්ස් සහ ඕල් නිපොන් එයාර්වේස් පවසන පරිදි ජපානය සහ මැනිලා, ජකර්තා, සිංගප්පූරුව සහ ක්වාලාලම්පූර් අතර ගුවන් ගමන් වාර 12ක් මේ හේතුවෙන් අවලංගු කර ඇත.

කෙසේනමුත් ගුවන් තොටුපළ ක්‍රියාකරුවන් පැවසුවේ පද්ධතිය අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත් කර ඇති අතර අදියර වශයෙන් ගුවන් ගමන් නැවත ආරම්භ කරන බවයි.  

 

108 Views

Comments