ලැගුම්හලක පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත් කල බවට සැකපිට 58 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු යොකොහාමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරු 11:15 ට පමණ Hideyuki Kado නම් සැකකරු තම කාමරයෙන් පිටතදී Takashi Hirataගේ බඩට හා මුහුණට පිහියකින් ඇන ඔහුව ඝාතනය කිරීමට තැත් කල බවට සැක පල කෙරේ.
පසුව Hirata රෝහලට ගෙන ගිය අතර එහිදී වෛද්‍යවරුන් පැවසුවේ ඔහුගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බවයි.