පාසල් දැරියකට අතවර කිරීමට උත්සහ කල අයෙක් සොයා පරීක්ෂණ


සැකකරු මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් සහිත පුද්ගලයෙකි.

.

මිසුමාකි-චෝ හි කොයිගුචි අසල මාර්ගයක ඊයේ(03) පෙ.ව. 11:00 ට පමණ ප්‍රාථමික පාසල් දැරියකට පුද්ගලයෙකු විසින් අතවර කිරීමට උත්සාහ කර තිබේ.

ඔහු 30 හැවිරිදි වියේ පසුවන අතර මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් සහිත උස සෙන්ටිමීටර 160-165 පමණ පුද්ගලයෙකු බව වාර්තා වේ.  

එමෙන්ම ඔහු කළු පැහැති ජැකට් එකක්, කළු කලිසමක් සහ කළු ගෙතුම් තොප්පියක් පැළඳ සිට තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් කිරීමේදී සැලකිලිමත් වන ලෙසට ෆුකුඕකා ප්‍රාන්ත පොලිසියේ ඔරියෝ පොලිස් ස්ථානය විසින් ජනතාවට දැනුම් දෙයි.

 

133 Views

Comments