පසුගිය වසරේ Koga City හි නිවසකින් මුදල් සොරකම් කළ බවට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු Ibaraki ප්රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් ඉදිකිරීම් කම්කරුවෙකු වන කෙන් සකාබේ, රැකියා විරහිත අට්සුයා යොකොයාමා සහ සමාගම් විධායක නිලධාරිනියක වන රියුටා හෂිබා ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
මොවුන් පළමු මහලේ ජනේලයක් කඩා අදාල නිවසට ඇතුළු වී ඇති අතර යෙන් මිලියන 30 ක මුදල් සහ සුඛෝපභෝගී අත් ඔරලෝසුවක් සොරකම් කර මෝටර් රථයකින් පලාගොස් තිබේ.
එදින රාත්රියේ එම ප්රදේශයේ කැමරා දර්ශනවලින් මොවුන් හඳුනාගැනීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.