රියැලිටි රූපවාහිනී වැඩසටහනක් වන "ටෙරස් හවුස්" හි නිළියක වන හනා කිමුරාගේ මව අන්තර්ජාලය හරහා අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු ඊයේ(05) අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව කියෝකෝ කිමුරා පිළිබඳ ද්වේෂ සහගත පණිවිඩ පළ කිරීම සම්බන්ධයෙන් ඔහුට යෙන් මිලියන 1.29 ක දඩයක් ද අධිකරණය නියෝග කළේය.
තෝකියෝවේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා 2020 සැප්තැම්බර් මාසයේදී 45 හැවිරිදි කියෝකෝ කිමුරා පිළිබඳව නින්දිත අදහස් පළ කළ බව පොලිසිය පවසයි.