Megmilk Snow Brandහි නිෂ්පාදන කිහිපයක මිල ඉහළට


ඔවුන්ගේ නිෂ්පාදන 56ක මිල පෙබරවාරි 1 වැනිදා සිට ඉහළ දමන බව අද(06) නිවේදනය කළේය.

.

Megmilk Snow Brand විසින් "Snow Brand Coffee" වැනි බීම සහ පළතුරු යුෂ ඇතුළු නිෂ්පාදන 56ක මිල පෙබරවාරි 1 වැනිදා සිට ඉහළ දමන බව අද(06) නිවේදනය කළේය.

අමුද්‍රව්‍ය සහ ඇසුරුම් ද්‍රව්‍යවල මිල ඉහළ යාම මෙයට හේතුවයි.

ඒ අනුව යෝජිත සිල්ලර මිල 3.5 සිට 26.1% දක්වා ඉහළ නංවනු ඇත.  

මේ අනුව "Snow Brand Coffee" (ලීටර් 1) යෙන් 240 සිට යෙන් 250 දක්වාත්, "Dole Orange 100%" (ml 200) යෙන් 100 සිට 110 දක්වාත් වැඩි කෙරේ.

 

116 Views

Comments