වෙළඳසැලකින් ඖෂධ සොරකම් කල දෙදෙනෙක් අත්අඩංගුවට


මොවුන් ප්‍රාන්ත 14 ක වෙළඳසැල්වලින් භාණ්ඩ සොරකම් කර ඇති බවද වාර්තා වේ.

.

හිරෝෂිමා හි වෙළඳසැලකින් ඖෂධ සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ මෙම පුද්ගලයින් පසුගිය ජුනි මාසයේ සිට ප්‍රාන්ත 14 ක වෙළඳසැල්වලින් භාණ්ඩ සොරකම් කර ඇති බවයි.

සැකකරුවන් 36 හැවිරිදි කොයිචිරෝ කවාෂිමා නම් රැකියා විරහිත පුද්ගලයෙක් සහ තෝකියෝවේ කිටා වාට්ටුවේ වෙසෙන ඖෂධ අලෙවි උපදේශකයෙකු වන 50 හැවිරිදි කෙයිචි ෆුකුඩා ලෙස හඳුනාගෙන ඇත.

මොවුන් සොරාගත් භාණ්ඩවල වටිනාකම යෙන් 52,756 ක් වන අතර වෙළඳසැල් නිරීක්ෂණ කැමරා දර්ශන විශ්ලේෂණය කිරීමෙන් පසු ඔවුන් හඳුනා ගත් බව පොලිසිය පවසයි.

 

128 Views

Comments