මව ඝාතනය කල පුත්‍රයා


සැකකරු 34 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකි.

.

ඊයේ(07) ටොචිගි ප්‍රාන්ත පොලිසියේ ටොචිගි පොලිස් ස්ථානය ෂිමොට්සුගා ප්‍රාන්තයේ 34 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු තම මව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම පුද්ගලයා ඊයේ(07) පෙරවරු 7.30 ට පමණ තම මවගේ මුහුණට සහ පපුවට කිහිප වතාවක් පිහියෙන් ඇන ඝාතනය කර ඇති බවට සැක කෙරේ.  

පසුව පෙරවරු 9.00 ට පමණ එම පුද්ගලයා පොලිස් ස්ථානයටම පැමිණ තමා සිය මව ඝාතනය කළ බවට පාපොච්චාරණය කර ඇත.

මෙම පුද්ගලයා තම දෙමාපියන්, වැඩිමහල් සහෝදරියක්, බාල සොහොයුරියක් සහ ආච්චි සමඟ ජීවත් වන බව පැවසේ.  

ඝාතනයට හේතුව සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 

97 Views

Comments