ජපාන ආර්ථික අවපාතය උග්‍ර වේද?


වාර්තා සදහන් කරන පරිදි, පසුගිය වසර 10ක කාලය තුලදී...

.

වාර්තා සදහන් කරන පරිදි, පසුගිය වසර 10ක කාලය තුලදී ජාතික ආර්ථිකයට වඩා සංවේදී ස්ව්‍යං රැකියා කරන ජපාන ජාතිකයන්ගෙ ප්‍රතිශතය වේගයෙන් පහත වැටී තිබේ.

 

කුලී රථ රියදුරන්, සාප්පු සහකාර සේවකයින්, සාමාන්‍ය ලිපිකරුවන් සහ කම්කරුවන් යනාදී වෘත්තීන්වල නිරත වන පුරවැසියන් සංඛ්‍යාව වේගයෙන් අඩු වීම, නාගරික ව්‍යාපාර වල පැවැත්මට බලපෑමක් එල්ල කර ඇති බව වාර්තා වලින් සනාත කර ඇත. 2011 වර්ශයේ සිදුවූ සුනාමි ව්‍යසනයෙන් පසු සිට ජපාන ආර්ථිකයේ යම්‍ යම් කඩා වැටීම සිදු වුව ද, දැනට පවත්නා මෙම වෘත්තීන් ගේ පහළ බැසීම වඩා ඉහළ අගයක් ගන්නා බව සමීක්ෂකයන් ගේ අදහසයි. මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් ජපාන ජාතික ආර්ථිකයට වක්‍රාකාරව සහ සංවේදීව බලපානු ඇති බවට ඔවුන් අනාවැකි පළ කරයි.

Comments