Yodogawa ගං මෝයෙහි තල්මසා තවමත් එහි රැඳි සිටී


සත්ත්වයා තවමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව වාර්තා වේ.

.

පෙරේදා(09) උදෑසන ඕසකා බොක්කෙහි Yodogawa ගං මෝය අසලදී දැකගත හැකි වූ තල්මසා තෙවැනි දිනය වූ අද(11) දින උදෑසනද එම ස්ථානයේම රැඳී සිටියේය.

තල්මසා මුලින්ම දැක ඇත්තේ හන්ෂින් අධිවේගී මාර්ගයේ වැන්ගන් මාර්ගයේ නකජිමා වාහන නැවැත්වීමේ ප්‍රදේශයට මීටර් 350 ක් පමණ දකුණින් වූ ජලයේ ය.  

සත්ත්වයා ඊයේ(10) මීටර් 100ක් පමණ නිරිත දෙසට ගමන් කළ නමුත් අද(11) පෙරවරු 7.00 ට පමණ ඕසකා වෙරළාරක්ෂක නිලධාරීන් පැවසුවේ තල්මසා චලනය වී තිබුණේ නැති බවයි.

කෙසේවෙතත් තෝකියෝ සමුද්‍ර විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Emeritus Hidehiro Kato පැවසුවේ සත්ත්වයා තවමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි.

 

117 Views

Comments