නූපන් දරුවා වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් මියයාම සම්බන්ධයෙන් යුවලක් අධිකරණයට


මෙම නඩුවේදී  අදාල සායනයේ නිලධාරීන් යුවළට ඩොලර් මිලියන 1.3 ක් ගෙවීමට එකඟ වී ඇත. 

.

ඕසකා හි ප්‍රසව හා නාරිවේද සායනයකදී වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කමෙන් ගැබිණි කාන්තාවක් ඇද වැටී ඇයගේ දරුවා මියයාම සම්බන්ධයෙන් යුවළක් විසින් නඩුවක් ගොනු කරන ලදී.

ඒ අනුව මෙම නඩුවේදී  අදාල සායනයේ නිලධාරීන් විසින් එම වරදට සමාව ගැනීමටත්, ළමයාගේ මරණය ගැන ශෝකය ප්‍රකාශ කිරීමටත්, සමථයක් ලෙස යුවළට ඩොලර් මිලියන 1.3 ක් ගෙවීමටත් එකඟ වී ඇත.  

2018 අගෝස්තු මාසයේදී ගොනු කරන ලද නඩුවට අනුව 2013 ජුනි 27 වන දින අලුයම එම කාන්තාව සායනයට ඇතුළත් කර ඇත්තේ දරු ප්‍රසූතිය සඳහාය. එදින මධ්‍යහ්නයේ වෛද්‍යවරයෙක්  බෝලයක් ගෙනැවිත් එය ඇඳ මත තබා එම කාන්තාවගේ උඩුකය බෝලය මත තබා එය දරු ප්‍රසූතියට පහසුවක් වන බව ඇයට පවසා තිබේ.

බෝලය යෝග පන්තිවල සහ ව්‍යායාම් ශාලාවල භාවිතා කරන ව්‍යායාම බෝලයකට සමාන වන අතර වෛද්‍යවරයා ඒ පිළිබඳ ආරක්ෂිත පූර්වෝපායන් පැහැදිලි නොකර කාමරයෙන් පිටව ගොස් තිබේ.

පසුව කාන්තාවගේ සමබරතාවය නැති වී බෝලයෙන් ඇඳ මතට වැටී තිබේ.

මෙම බලපෑමෙන් ඇගේ ගර්භාෂය කැඩී ගිය අතර එමගින් දරුවා මිය ගියේය.

96 Views

Comments