කොරෝනා එන්නත ලබාගත් 5ක් මරුට


මොවුන් වයස අවුරුදු 36 ත් 96 ත් අතර පිරිමින් සහ කාන්තාවන් පස් දෙනෙකු වේ.

.

කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් ලබාදීමෙන් පසු වයස අවුරුදු 36 ත් 96 ත් අතර පිරිමින් සහ කාන්තාවන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අනුව රජය විසින් මෙම මරණ සඳහා වන්දි ගෙවීමක් සිදුකිරීමට නියමිතව ඇත.

සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශයට අනුව 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු රුධිරය කැටි ගැසීමෙන් මියගිය අතර 96 හැවිරිදි කාන්තාවක් එන්නත ලබා දීමෙන් පසු වැලඳුණු හෘදයාබාධයකින් මිය ගියේය.  

පුද්ගලයන් පස් දෙනාගේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සලකා බැලූ සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශයේ විශේෂඥ අනුකමිටුව විනිශ්චය කළේ ඔවුන් සියල්ලෝම එන්නත් කිරීම නිසා ඇති වූ අතුරු ආබාධ හේතුවෙන් මරණයට පත්වී ඇති බවයි.

139 Views

Comments