පෙම්වතියගේ දියණිය අපයෝජනය කල පෙම්වතා අත්අඩංගුවට


අදාල සැකකරු Yoshihiro Yaguchi නම් 31 හැවිරිදි අයෙකි.

.

Ibaraki ප්‍රාන්තයේ Tsuchiura හි පොලිසිය විසින් පෙම්වතියගේ 10 හැවිරිදි දියණිය අපයෝජනය කළ බවට සැකපිට 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Yoshihiro Yaguchi නම් අදාල සැකකරු පසුගිය වසරේ නොවැම්බර් 23 වන දින ඔවුන්ගේ නිවසේදී දැරියගේ හිසට සහ අත් දෙකට කිහිප වතාවක්ම පහර දී ඇති බව වාර්තා වේ.  දරුවාගේ තැලීම් සහ තුවාල ඇති වූ තිබූ අතර ඒවා සුව වීමට දින 10 ක් ගත විය.

පොලිසිය ඇයගේ මව සහ යගුචිගෙන් ප්‍රශ්න කරන අතරවාරයේ දැරිය තාවකාලිකව ආරක්‍ෂක භාරයට ගෙන ඇත.

 

134 Views

Comments