ප්‍රාථමික පාසල් සිසුවෙකුට උකුසු ප්‍රහාරයක්


ඊයේ(13) හවස 3:20 ට පමණ Shiga ප්‍රාන්තයේ මාර්ගයකදී මෙය සිදුවී ඇත.

.

ඊයේ(13) හවස 3:20 ට පමණ Shiga ප්‍රාන්තයේ මාර්ගයකදී කාන්තාවක් විසින් හසුරුවන ලද උකුස්සෙකු ප්‍රාථමික පාසලේ පළමු ශ්‍රේණියේ පිරිමි ළමයෙකුට පාසල නිමවී නිවස බලා යමින් සිටියදී පහර දුන්නේය.  

පිරිමි ළමයාගේ හිසට සහ මුහුණට සුළු සීරීම් තුවාල ඇති විය.

ප්‍රාන්ත පොලිසියේ කොකා පොලිස් ස්ථානයට අනුව උකුස්සාගේ පියාපත් මීටරයක් ​​පමණ වේ.  

අසල සමාගමක ඉල්ලීම පරිදි අදාල කාන්තාව විසින් උකුස්සා මුදාහැර තිබෙන අතර උකුස්සා බයිසිකලයකින් යමින් සිටි 50 හැවිරිදි පුද්ගලයෙකු සමඟ ගැටී පිරිමි ළමයා වෙත ගොස් ඇත.

කෙසේනමුත් ඌ මිනිසාට හානියක් කළේ නැත. 

 

133 Views

Comments