නිසාන් වාහන නිෂ්පාදනය නවතයි !


ජපාන සුප්‍රසිද්ධ වාහන නිෂ්පාදන සමාගමක් වන Nissan Automobile සමාගම පසුගියදා ප්‍රකාශ කළේ...

.

ජපාන සුප්‍රසිද්ධ වාහන නිෂ්පාදන සමාගමක් වන Nissan Automobile සමාගම පසුගියදා ප්‍රකාශ කළේ, යුරෝපියානු වෙළඳපොළට ගැසොලින් ඉන්ධන භාවිතා වන එන්ජින් සහිත වාහන නිෂ්පාදනය කර සැපයීම ඉදිරි කාලයේදී අත්හිටුවීමට තමන් තීරණය කරන ලද බවයි. ඒ වෙනුවට විද්‍යුත් වාහන නිපදවීම කෙරෙහි වැඩි නැඹුරුවක් තමන් යොදන බව ඔවුන් පවසා තිබේ.

විද්‍යුත් වාහන සඳහා යුරෝපියානු වෙළඳ පොලේ ඇති ඉල්ලුම වැඩිවීම සැලකිල්ලට ගනිමින් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. නිසාන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, Ashwani Gupta සඳහන් කළේ වසර 2025 වනවිට යුරෝපියානු වෙළඳපොල තුළ එකඳු gasolin එන්ජිම සහිත වාහනයක්වත් අලෙවි  නොකිරීමේ ඔවුන්ගේ තීරණය නිසා යුරෝපියානු පාරිභෝගිකයන්ට වඩා අඩු මුදලකට විද්‍යුත් වාහන මිලදී ගැනීමේ හැකියාවක් මින් ලැබෙන බවය.

320 Views

Comments