"ගුරු සිත" නොරිදවා...


ජපාන අධ්‍යාපන, සංස්කෘතික,ක්‍රීඩා හා විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය විසින් කරන ලද සමීක්ෂණයකදී හෙලිවූයේ...

.

ජපාන අධ්‍යාපන, සංස්කෘතික,ක්‍රීඩා හා විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය විසින් කරන ලද සමීක්ෂණයකදී හෙලිවූයේ, ජපානය තුළ ගුරුවරුන්ගේ හිඟය මේ වන විට වඩාත් වර්ධනය වී ඇති බවයි.

 

එම වාර්තාව සඳහන් කරන පරිදි , එම ගුරු හිඟය ප්‍රාථමික ද්විතීය සහ උසස් අධ්‍යාපන යන සියලු අංශ වල දැකිය හැකි බවයි. ඇතැම් පාසල්වල පන්ති තාවකාලිකව වසා දමා ඇත්තේ, එම විෂයයන් සඳහා විශේෂිත ගුරුවරුන් ඉවත්වීම නිසා හෝ මාතෘ නිවාඩු වාර්තා කිරීම නිසාය. පසුගිය වසර තුල, ජපාන පාසල් 1897ක මෙම හිඟය 5.8%කින් වර්ධනය වී ඇති බව මෙම වාර්තාව සනාත කරයි. ගුරුවරුන් වෙනුවෙන් වෙන් වී ඇති සුබසාධන කටයුතු සහ වේතනය පවතින ප්‍රමාණයට වඩා වැඩිකිරීමෙන් ගුරුවරුන්ගේ වෘත්තීය මට්ටම වඩා උසස් කිරීම හරහා ඔවුන්ගේ රැකියාව කෙරෙහි වැඩි නැඹුරුවක් සහ කැමැත්තක් ඇති කිරීම මගින් මෙම තත්වය පාලනය කරගත හැකි බව මෙම වාර්තාව මගින් යෝජනා කර ඇත. නව ගුරුවරුන් ලෙස තෝරා පත් කර ගැනීමේ විභාග සඳහා පෙනී සිටින අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව ද ඉතා පහළ වැටීමෙන් පෙනී යන්නේ, තරුණ පරපුර ගුරු වෘත්තිය තෝරා ගැනීමේ කැමැත්ත ඉතා අඩු බවයි.

Comments