ඔසාකා ප්‍රාන්ත රජය නිවේදනය කර සිටින්නේ, හදිසි නොවන ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සියල්ල කාල නිර්ණයක් නොමැතිව කල් දමන ලෙස ඔසාකා ප්‍රාන්තයේ සියලුම ආරෝග්‍යශාලා වෙත දැනුම්දී ඇති බවයි.
තවමත් ඉහළ අගයක් ගන්නා කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව හරහා ආරෝග්‍ය ශාලාවල ඇඳන් සහ දැඩිසත්කාර ඒකක වල තදබදය අවම කිරීම මෙම ක්‍රියාමාර්ගයේ අරමුණ බව ඔවුන් පැහැදිලි කර සිටී. සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු සහ හදිසි නොවන සියලුම සායන කටයුතු සියල්ල කල් දැමීමට මේ හරහා පියවර ගෙන තිබේ.