මෝටර් රථයක් සොරකම් කල පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට


ඔහු මෝටර් රථ සොරකම් සඳහා අවශ්‍ය ලැයිස්තුවේ සිටි පුද්ගලයෙකි.

.

ඕසකා ප්‍රාන්තයේ යාඕ හි මෝටර් රථයක් ලුහුබැඳීමකින් පසු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මාරාන්තික වෙඩි තැබීමෙන් 41 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියේය.

Kenta Ishibashi නම් අදාල සැකකරු සොරකම් කරන ලද වාහනය දැකීමෙන් පසු පොලිසිය විසින් නවත්වන ලෙස ඉල්ලා සිටියේය. 

නමුත් ඔහු නොනවත්වා රථය ධාවනය කල බැවින් පොලිස් මෝටර් රථය ඔහුව ලුහුබැඳ ගියේය. 

රථය කිලෝමීටර් 1.6 ක් පමණ දුරින් පිහිටි රතු ආලෝක සංඥාවක් අසල ට්‍රක් රථයක් පිටුපස නතර වූ විට පොලිස් නිලධාරීන් ඔවුන්ගේ මෝටර් රථයෙන් බැස එය දෙසට ගමන් කළහ.  

පසුව ඉෂිබාෂි තම මෝටර් රථය පසුපසට ගෙන පොලිස් වාහනයට හැප්පුවේය.

නිලධාරීන් දෙදෙනාම වෙඩි ප්‍රහාර දෙක බැගින් එල්ල කළේ මේ අවස්ථාවේදීය. 

උණ්ඩ තුනක් ඉෂිබාෂිගේ පපුවට සහ උරහිසට වැදී එක් උණ්ඩයක් වැරදී ගියේය.  

ඉෂිබාෂි අත්අඩංගුවට ගෙන රෝහලට ගෙන ගිය අතර පැය දෙකකට පමණ පසු ඔහු මිය ගියේය.

පොලිසිය සඳුදා පැවසුවේ ඉෂිබාෂි දෙසැම්බර් 28 සිට මෝටර් රථ සොරකම් සඳහා අවශ්‍ය ලැයිස්තුවේ සිටි බවත් ඔහුගේ රියදුරු බලපත්‍රය අවලංගු කර ඇති බවත්ය.

92 Views

Comments