Kirin Beverages සමාගමෙහි කොමඩු යුෂ 2%ක් පමණ අඩංගු බීම ඇසුරුමක “100% කොමඩු රසය” ලෙස ප්‍රදර්ශනය කිරීම පාරිභෝගිකයන් නොමග යැවීමක් බව පාරිභෝගික සේවා නියෝජිතායතනය ප්‍රකාශ කළේය.
ඒ අනුව එම සමාගමට යෙන් මිලියන 19.15 ක දඩයක් ගෙවීමට අධිකරණය නියෝග කරන ලදී.
2020 ජුනි සිට 2022 අප්‍රේල් දක්වා සමාගම විසින් "ට්‍රොපිකානා 100% සම්පූර්ණ කොමඩු රස" ලෙස බීම ඇසුරුමේ සඳහන් කර ඇති නමුත් එහි සත්‍ය වශයෙන්ම 98% ක් මිදි, ඇපල් සහ කෙසෙල් යුෂ අඩංගු බව වාර්තා වේ.
කෙසේනමුත් සමාගම මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙවැනි අවස්ථාවක් නැවත ඇති නොවීමට වගබලා ගන්නා බවයි.