නාගරික නිවාස සංකීර්ණයක 6 වන මහලේ සිට බිමට ඇද වැටී වයස අවුරුදු 3ක කුඩා දැරිවියක් මරණයට පත්වීම පිළිබඳව සැකපිට ඇයගේ නව යොවුන් වියේ පසුවන සහෝදරයා ඔකිනාවා ප්‍රාන්තයේ නගෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන පරිදි අදාල තරුණයා සහ දැරිවිය ජීවත් වූ මහල් නිවාස සංකීර්ණය අසලදී පසුගිය අඟහරුවාදා උදෑසන 9 ට පෙර මෙම සිදුවීම සිදුවී ඇත. ඒ අසලින් ගමන් කළ පුද්ගලයෙකු දැරිවිය බිම වැටී සිටිනු දැක පොලිසියට ඒ බව දන්වා තිබේ .ඇය රෝහල්ගත කිරීමෙන් පැයක එක හමාරකට පමණ පසු ජීවිතක්ෂයට පත්වී ඇත.
අදාළ තරුණයා තම වරද පිළිගෙන ඇති අතර ඔහු මානසිකව වියවුලකින් සිටින අතරතුරදී තම නැගෙනිය ඔසවා බැල්කනියෙන් පිටතට විසිකර දැමූ බව ඔහු පවසා ඇත . සිදුවීම සිදු වෙන මොහොතේදී ඔවුන්ගේ මවත් නිවස තුළ සිට ඇති අතර ඒ මොහොතේදී මේ පිළිබඳ නොදැනුවත් වුණේ මන්දැයි පොලිසිය ප්‍රශ්න කරමින් පවතී.