Matsuyama හි දුම්රියක් තුළ සිදු වූ බව වාර්තා වේ.


දුම්රියේදී කාන්තාවන්ට හිරිහැර කල පොලිස් නිලධාරියෙකුට වැඩ වරදී

.

Aichi ප්‍රාන්තයේ දුම්රියකදී අවස්ථා දෙකකදී කාන්තාවන් අතපත ගාමින් ගිය බවට සැකපිට 40 හැවිරිදි හිටපු පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට අනුව මෙම සිදුවීම් සැප්තැම්බර් මස මුලදී අඛණ්ඩව දින දෙකක දී Matsuyama හි දුම්රියක් තුළ සිදු වූ බව වාර්තා වේ.

නිලධාරියා දින දෙකේදීම වැඩට යමින් සිටියේය.  

පළමු සිද්ධියේදී ඔහු තම සිරුර කාන්තාවකගේ පිටට තද කර ඇති අතර දෙවන සිද්ධියේදී ඔහු කාන්තාවකගේ උඩුකය අතගෑ බව වාර්තා වේ.

එක් කාන්තාවක් මෙම සිද්ධිය පොලිසියට වාර්තා කළ අතර සැකකරුට මාසයක වැඩ තහනම් කරන ලදී.

පසුව ඔහු පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්විය.  

ඔහු රැකියාවෙන් පීඩා විඳිමින් සිටි බව පොලිසිය විසින් උපුටා දක්වන ලදී.

 

136 Views

Comments