බඩවැල් ආශ්‍රිත බැක්ටීරියාවක ක්‍රියාකාරිත්වය ජපානයේ කෝවිල් මරණ අඩු වීම කෙරෙහි බලපා ඇති බව පර්යේෂණයකින් සනාථ වෙයි


විද්‍යාඥයින් විසින් සදහන් කරන පරිදි බඩවැල් ආශ්‍රිත නව බැක්ටීරියාවක ක්‍රියාකාරිත්වය ...

.

නගෝයා විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් ඇතුළු විද්‍යාඥයන් පිරිසක්  විසින් පසුගිය හා කරන ලද පරීක්ෂණයකින් සනාථ වූයේ ,මිනිස් බඩවැල් ආශ්‍රිතව හඳුනාගන්නා ලද බැක්ටීරියාවක ක්‍රියාකාරීත්වය ජපන් ජාතිකයන් තුළ බහුල බවත් එය,ජපානයේ covid මරණ අනුපාතය පහල අගයක පැවතීම සම්බන්ධයෙන් හේතු වී ඇති බවත්ය .

ආසියාතික රටවල් තුළ Covid  මරණ අනුපාතය පහළ අගයක පැවතීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට ලෝකයෙහි පරීක්ෂකයන් විසින් දිගින් දිගටම පර්යේෂණ කටයුතු කරන ලදී. මෙම නව බැක්ටීරියාව covid  වෛරසය මනුෂ්‍ය සෛල තුළට  ඇතුළත් වීම හා ක්‍රියාකාරී වීම වළක්වාලන සහ අවම කරන බව පරීක්ෂකයන් විසින් තහවුරු කර තිබේ.

තවද ආසියාතිකයන් තුළ තුල පවතින්නාවූ ඉහළ ප්‍රතිශක්තිකරණය සහ කුඩා අවදියේ ලබාගන්නා වූ BCG වැනි එන්නත් කරණයන් නිසා මෙකී ප්‍රතිශක්තිය වැඩි දියුණු වී ඇති බවට පරීක්ෂකයන් නිගමනය කරයි.

Comments