නිවසේ ඇතිවූ ගින්නෙන් මව සහ දරුවන් තිදෙනා ජීවිතක්ෂයට


ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

.

අද(24) අලුයම 5:05 ට පමණ Ibaraki ප්‍රාන්තයේ Namegata නගරයේ දෙමහල් නිවසක ගින්නක් හටගෙන තිබේ.

පැය දෙකකට පමණ පසුව ගින්න නිවා දැමුණු අතර සුන්බුන් අතර තිබී පුද්ගලයින් සිව් දෙනෙකුගේ සිරුරු සොයා ගන්නා ලදී.  නිවෙස් හිමියාගේ බිරිඳ සහ දරුවන් තිදෙනා මෙලෙස මියගොස් ඇතැයි සැක කෙරේ.

ගින්නට හේතුව සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි. 

 

 

110 Views

Comments