ගසක් කඩා වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට


මියගොස් ඇත්තේ 62 හැවිරිදි Shigenobu Takahara නම් අයෙකි.

.

ඔයිටා ප්‍රාන්තයේ බෙප්පු නගරයේ මිනමිහාටා හි වීදියේදී Shigenobu Takahara නම් 62 හැවිරිදි පුද්ගලයෙකුගේ හිසට ගසක් කඩා වැටී තිබේ.

ඔහු රෝහලට ගෙන ගිය නමුත් පැයකුත් විනාඩි 20 කට පමණ පසු මියගොස් ඇත.

මරණයට හේතුව හිසට සිදුවූ බරපතළ තුවාලයකි.  

මොහු මාර්ගයෙන් කඩා වැටුණු ගසක් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී තවත් ගසක් කඩා වැටී ඇති බව බෙප්පු ප්‍රදේශයේ පොලිසිය ප්‍රකාශ කළේය.  

එම අවස්ථාවේ නගරයට හිම කුණාටු අනතුරු ඇඟවීමක්ද ක්‍රියාත්මක විය.

114 Views

Comments