වයෝවෘද්ධ කතක් බේරාගත් පුද්ගලයෙකුට උපහාරයක්


අදාල පුද්ගලයා 52 හැවිරිදි පුවත්පත් බෙදා හරින්නෙකි.

.

ෂිමානේ ප්‍රාන්ත පොලිසියේ යසුගි පොලිස් ස්ථානය විසින් 52 හැවිරිදි පුවත්පත් බෙදාහරින්නෙකු වන මමෝරු යමමොටෝ වෙත කෘතවේදී ලිපියක් යවා ඇත.

ඒ සීතල දිනයක හිමිදිරි පාන්දරම අතරමං වූ වයෝවෘද්ධ කාන්තාවක් ආරක්ෂා කිරීම වෙනුවෙනුයි.

අයිජිමා නගරයේ පාරක් මැද වීල්බැරෝවක වාඩි වී සිටි මහලු කාන්තාවක් පුවත්පත් බෙදා හරිමින් සිටියදී යමාමොටෝ සොයා ගත්තේය.  

එය ශීත කාලය බැවින් කාන්තාව තම ජැකට්ටුව පැළඳ නොසිටීම ගැන ඔහුට සැකයක් ඇති විය.

ඔහු වහාම මේ බව පොලිසියට දැනුම් දුන්නේය.

නිලධාරීන් ඇය වෙත යන තුරුම ඔහු කාන්තාව ආරක්ෂා කර තිබුණි.

139 Views

Comments