ඔක්තෝම්බර් 3 සහ 8 අතර දිනයකදී Sapporo හි මහල් නිවාසයක් තුල මෙම මිනී මැරුම සිදු වී ඇත.
ඉසමු ඔනෝ නම් 53 හැවිරිදි පුද්ගලයෙකු තමාගේ නිදි පෙති ලබා දී විශ්ව විද්යාල ශිශ්යාවක් වන යූයි සෙගාවා ඝාතනය කර ඇත.
මෙතෙක් සිදු කර ඇති විමර්ශන වලින් සොයා ගෙන ඇත්තේ ඉසමු ඔනෝ තමාගේ නිදි පෙති බීම වීදුරුවකට දමා සිසුවියට පානය කිරීමට ලබා දී ඇයගේ ගෙල සිර කර මරා දමා ඇති බවයි.
මිනී මැරුම සිදු කල බව පිලිගත් ඉසමු ඔනෝ පවසන්නේ සිසුවිය තමාව මරා දමන ලෙස ඉල්ලා සිටි බවයි. මේ පිලිබඳව පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතී.