"අත් ඔරලෝසු" පගාව...


ජපානයේ Kyoto හි ප්‍රාන්ත රජයේ ජේෂ්ඨ නිලධාරියෙක්...

.

ජපානයේ Kyoto හි ප්‍රාන්ත රජයේ ජේෂ්ඨ නිලධාරියෙක් පොලිසිය විසින් පසුගියදා අල්ලස් ගැනීමක් සම්බන්ධව අත් අඩංගුවට ගන්නා ලද බව වාර්තා වේ.

 Kyoto හි ලදරු රැකවරණ මධ්‍යස්ථානයක හිමිකරුවකු වෙතින් මෙම පුද්ගලයා ඉතා වටිනා අත් ඔරලෝසුවක් අල්ලසක් ලෙස ලබාගෙන ඇත්තේ, එම මධ්‍යස්ථානය සෙනසුරාදා දිනවල වසා තැබීමට අවසරයක් නිසි පිලිවෙලින් තොරව වංචා සහගතව ලබා දීමෙන් පසුව බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. Atsushi Kubo නම් 59 හැවිරිදි එම නිලධාරියා kyoto නාගරික අධිකාරියේ ළමා හා තරුණ කටයුතු සම්බන්ධ ජේෂ්ඨ නිලධාරියෙකු බව සදහන් වේ.

280 Views

Comments