නිවසක් කොල්ලකෑමට තැත් කල තිදෙනෙක් කොටුවේ


මොවුන් "Luffy" කල්ලිය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව පැවසේ.

.

තෝකියෝ හි අඩාචි වෝඩ් හි සිවිල් ඉංජිනේරුවෙකු, යොකොහාමා හි රැකියා විරහිත පිරිමි ළමයෙකු සහ උසස් පාසල් සිසුවෙකු කොල්ලකෑමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 

මොවුන් තිදෙනා එඩොගාවා වෝඩ්හි 59 හැවිරිදි සමාගම් විධායකයෙකුගේ නිවසට කඩා වැදී එහි සිටි කාන්තාවකගේ අත් පා පටියකින් බැඳ  නිවස කොල්ල කෑමට තැත් කර තිබේ.

පසුව එම නිවසේම ජීවත් වූ 20 හැවිරිදි අදාල කාන්තාවගේ දියණිය පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර පොලිස් මෝටර් රථයේ සයිරන් නාදය ඇසී සැකකරුවන් පලාගොස් තිබේ.

කෙසේනමුත් මොවුන් "Luffy" යනුවෙන් හඳුන්වනු ලබන කල්ලිය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව පැවසේ.

 

112 Views

Comments