නිවසක් කොල්ල කෑ තිදෙනෙක් පොලිස් දැලේ


මොවුන් යෙන් මිලියන 5 ක පමණ මුදල් කොල්ල කා පලාගොස් ඇත.

.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සයිටමා ප්‍රාන්තයේ කවාගුචි නගරයේ නිවසක සිදුවූ මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් සැකපිට එම අපරාධය මෙහෙයවූ පුද්ගලයා ඇතුළු තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.  

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ඉබරාකි ප්‍රාන්තයේ හිටාචි නගරයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්, ඉබරාකි ප්‍රාන්තයේ අයිඩෝ චෝ හි 21 හැවිරිදි ඩයිචි කිටගවාරා නම් අයෙක් සහ 17 හැවිරිදි පිරිමි ළමයෙකි.

මොවුන්  කවාගුචි නගරයේ Maegamicho හි නිවසකට ඇතුළු වී නිවසේ පදිංචි පුද්ගලයකු පටිවලින් පුටුවක බැඳ යෙන් මිලියන 5 ක පමණ මුදල් සහ ඔහුගේ පාස් පොත ලබාගෙන ඇති බවට සැක කෙරේ.  

 

150 Views

Comments