මියාගි ප්රාන්තයේ මැට්සුෂිමා හිදී 85 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අර්ධකාලීන තැබෑරුම් සේවකයෙකු වන Daiko Aizawa නම් අදාල සැකකරු 2021 ජූලි 15 වන දින Kaneko Ono නම් කාන්තාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටී.
හුදෙකලාව ජීවත් වූ ඔනෝ ජූලි 16 වැනි දින මියගොස් සිටියදී සොයා ගන්නා ලද අතර මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ මොට ආයුධයකින් ඇගේ හිසට කිහිප වතාවක් පහර දී ඇති බවයි.
කෙසේවෙතත් අයිසාවා පොලිසියට කියා සිටියේ තමා නිවස කොල්ලකෑමේ අදහසින් නිවසට ඇතුළු වූ බවත් ඔනෝව මරා දැමීමට තමා සැලසුම් නොකළ බවත්ය.