අත්වැරදීමකින් අත්අඩංගුවට ගත් තරුණයෙකු නිදහස් කෙරේ


ඔහු 24 හැවිරිදි කාර්යාල සේවකයෙකි.

.

මත්පැන් පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් සැකපිට හොක්කයිඩෝ අසහිකාවා ප්‍රදේශයේ 24 හැවිරිදි කාර්යාල සේවකයකු අත්වැරදීමකින් අත්අඩංගුවට ගත් බව හොක්කයිඩෝ පොලිසිය ඊයේ(28) නිවේදනය කළේය.  

කෙසේවෙතත් Hokkaido පොලිසිය විසින් පැය 13 කට පමණ පසු එම පුද්ගලයා නිදහස් කර ඇත.

ඊයේ අලුයම අසහිකාවා හිගාෂි පොලිසිය, ස්නැක් බාර් අසල වාහන නැවැත්වීමේ ස්ථානයක සිට පිටත්ව යන මගී මෝටර් රථයක් නතර කර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

 

112 Views

Comments