Seibu විකුණා දමයි?


ජපානයේ ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාර සමාගමක් වන Seibu Holdings Inc. ආයතනය...

.

ජපානයේ ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාර සමාගමක් වන Seibu Holdings Inc. ආයතනය, එහි ප්‍රධානතම හෝටල්  සන්නාමය වන Prince හෝටල් ජාලයේ හෝටල් කිහිපයක් සහ අනෙකුත් දේපල කීපයක් සිංගප්පූරුවේ sovereign wealth fund GIC සමාගමට අලෙවි කිරීමට සුදානම් වන බව පසුගියදා ඔවුන් අනාවරණය කරන ලදී.

Seibu සමූහය මගින් කළමනාකරණය වූ, ටෝකියෝ හි The Prince Park Tower , Sapporo Prince Hotel සහ හිරෝෂිමා හි Grand Prince Hotel සහ ගොල්ෆ් පිටි කිහිපයක් මෙලෙස විකුණා දමන්නට සූදානම් වන බව සැලවෙයි. මෙකී ගනුදෙනුව සමස්ත වටිනාකම ජපාන යෙන් බිලියන 150ක් වන බව පැවසේ.

135 Views

Comments